කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ්‍ර ව්‍යාපෘතිය (Colombo Health Square Development Project) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි එහි ඉදිකිරීම් මේ වනවිට කඩිනම් කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ ජාතික රෝහලේ පරිශ්‍රය තුළ පවතින ජනතාවගේ අධික තදබදය සහ රෝහල අවට පවතින අධික රථවාහන තදබදයටත් ඒ වගේම රෝගීන්ගේ පහසුව ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු කෙරේ.
පෙර පැවති රෝහල් චතුරශ්‍රය පුළුල් කර රෝගීන්ට සහ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන විට 2014 වර්ෂයේ දී පමණ මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලැස්ම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.
දකුණු ආසියාවේ විශාලතම රෝහල වශයෙන් සැලකෙන කොළඹ ජාතික රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 3350ක් පමණ වේ. ඊට අමතරව බාහිර රෝගී අංශය, විවිධ සායන වලින් ප්‍රතිකාර ලබා ගැනීමට සහ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් ඇතුළුව දිනකට ජාතික රෝහලට පැමිණෙන සංඛ්‍යාව දස දහසකට ආසන්න වේ. මේ හේතුවෙන් අවට දැඩි රථවාහන තදබදයක් පවතී.
මෙම සියලු ගැටලුවලට විසදුම් ලෙස කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ
.
පසුගිය දා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයකට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසයි.
මේ යටතේ ඉදිකෙරෙන බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී අවසන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව 2014 වර්ෂයේ දී චීන රජයේ ආධාරයක් වශයෙන් මෙම බාහිර රෝගි අංශය ඉදිකිරීමේ මූලික සැලැස්ම ක්‍රියාත්මක වී ඇත.
මූලික ප්‍රතිකාර ඒකකයක් සහිතව මෙම බාහිර රෝගි අංශය ඉදිකෙරෙමින් පවතින අතර එම ගොඩනැගිල්ල තට්ටු 9 කින් යුක්තයි. ඇදන් 180කින් පමණ මූලික ප්‍රතිකාර ඒකකය යුක්ත වන අතර මූලික ප්‍රතිකාර කිරීමෙන් පැය 4ක් ඇතුළත එම රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත යුතු ද: නැද්ද: යන්න වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලැබේ. ඊට අමතරව බාහිර රෝගී ප්‍රතිකාර අංශය (OPD), බාහිර රෝගී සායන, රුධිර පරීක්ෂා කිරීම, X කිරණ පරීක්ෂාව, C.T.ස්කෑන් පරීක්ෂාව,E.C.G.පරීක්ෂාව ඇතුළු සියලු රසායනාගාර පරීක්ෂා පහසුකම් ද සහිතව මෙම බාහිර රෝගී අංශයේ ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පවතී.
මෙම බාහිර රෝගී අංශයේ ගොඩනැගිල්ල ඉදිකළ පසුව ජාතික රෝහල තුළ රෝගීන්ගේ පවතින දැඩි තදබදයට විසදුමක් ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.
කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ්‍රය ඉදිකිරීමේ කටයුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දිර්ඝකාලීන වශයෙන් අදියර 3ක් යටතේ සිදු කෙරේ. ජාතික රෝහල ඉදිරිපිට තිබෙන ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවතේ ගුවන් පාලමක් ඉදිකෙරෙන අතර නොරිස් කැනල් ප්‍රදේශය, සේරම් මාවත ඇතුළු රථවාහන තදබදය පවතින ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව සිදු කෙරේ.
මහජනතාව වෙනුවෙන් රථගාල්, වෛද්‍යවරුන් සඳහා වෙනම රථගාලක්, රෝගීන් බැලිමට පැමිණෙන අමුත්තන්ට විවේකීව සිටීමට සුදුසු ස්ථාන, දැනට ජාතික රෝහල ඉදිරිපිට තිබෙන වෙළඳසැල් විධිමත්ව ක්‍රමයට ස්ථානගත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ඇතුළත් ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බොරැල්ල, ජාතික රෝහල, පුරහල යන මාර්ගය සහ කොටුව, පිටකොටුව, මරදාන, පුංචි බොරැල්ල, ජාතික රෝහල, ඞීනස් පාර යන මාර්ගය යන ගමන් මාර්ග දෙක තුළ ෂටල් බස් රථ සේවා දෙකක් ද අද හෙටම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
කොළඹ සෞඛ්‍ය සේවා චතුරශ්‍ර ව්‍යාපෘතිය සඳහා සමස්ත ඉදිකිරීමේ සැලැස්ම, ඉදිකිරීමේ කටයුතු නිර්මාණය සහ උපදේශන සේව ලබා දෙනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
සමස්ත ඉදිකිරීම් ව්‍යාපෘතියේ භූ දර්ශනය කොට අලංකරණය සිදු කිරීමේ කටයුතු ද සිදු කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතා අතර පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී පැවැත්වුණු අතර අදාළ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.