‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ හා කොළඹ වරායේ අනෙකුත් පර්යන්ත හා පරිශ්‍රයන් වෙත පැමිණෙන සියළු පුද්ගලයින් හා වාහන, රජයේ සෞඛ්‍ය නිර්දේශයන්ට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොවිඞ්-19 වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුව හඳුනාවා දී ඇති කොවිඞ්-19 වැළැක්වීමේ විධි විධාන වලට අනුව යමින් නියමිත පරික්ෂාවන් මේ වන විට ඇතුල්වීමේ දොරටු වල දී හා කාර්යාල පරිශ්‍රයන් හී ක්‍රියාත්මක වෙමින් පවතී.