කොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මරදානේ පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමා තිබේ.
නගර සභාව විවෘත කර තිබුණත් එහි සේවක සේවිකාවන්ට හැර පිටස්තර අයෙකුට නගර සභාවට පැමිණීමට අවස්ථාවක් නොලැබේ.
ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකිරීමට අවස්ථාව සලසා තිබේ.