දිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.
ඊයේ සහ පෙරේදා දින 02 තුළ පමණක් කොළඹ ජාතික රෝහල තුලදී හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 400 කට ආසන්න බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
හදිසි අනතුරුවලට ලක්වී ජාතික රෝහලට රැගෙන එන පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම මෙම තත්ත්වයට තවත් හේතුවක්.
03 වන රැල්ලේ බලපෑමෙන් කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 250 කට ආසන්න පිරිසකට මේවනවිටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් වැඩි පිරිසක් හෙද නිලධාරීන්.