කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන හෙට (08දා) ආරම්භ වන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම යළිත් ආරම්භ වේ.
ඒ යටතේ කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප්රතිංස්කරණය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ගෆූර් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයෙන් ආරම්භ කිරිමට නියමිතයි.
එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා 2012 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2015 න් පසු අතරමඟ ඇනහිට තිබූ ව්‍යාපෘතියකි. මිලියන 620 ක වියදමකින් නැවත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙයිි.