කැළණි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන පරිසර හානිය හා දූෂිත ක්‍රියා අවම කර ගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසය විසින් ඊයේ බෝට්ටු සේවාවක් ආරම්භ කරනු ලැබීය.
පූගොඩ පොලීසිය මගින් මෙම බෝට්ටු ආරක්ෂක සේවය ක්‍රියාත්මක කරනු ලබයි.
කැළණි ගඟ ආශ්‍රිතව සිදු කරන අනවසර වැලි ගොඩදැමීම, අනවසර මැණික් ගැරීම, අනවසර රත්තරන් ගැරීම හා කැළණි ගඟ ආශ්‍රිතව සිදුකරන පරිසර දුෂිත ක්‍රියා නිසා සිදුවන ඉවුරු ඛාදනය අවම කර ගැනීම සදහා දිවා රාත්‍රී දෙකෙහිම මෙම ආරක්ෂක බෝට්ටු සේවය ක්‍රියාත්මක වෙයි.
බස්නාහිර පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර පලාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කේ. කේ. ඉන්දික සිල්වා, ගම්පහ පොලිස් කොට්ඨාස (3) භාර සහකාර පොලිස් අධිකාරී චින්තක ආර් පීරිස් යන නිලධාරීන් ගේ උපදෙස් මත පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. පි. කේ. චන්ද්‍රසේකර ඇතුළු පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ආරක්ෂක සේවාව ආරම්භ කරනු ලැබීය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා