නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කැළෑ හා පතන් බිම් නිරන්තරයෙන් ගිනි ගැනීම්වලට ලක්වෙමින් පවතින බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට කඳුකරයේ ජල මුලාශ්‍ර දැඩි ලෙස සිඳීයාමේ තර්ජනයට ලක්ව ඇති බවත් කැළෑ හා පතන් බිම් ගිනි ගැනීම් තවදුරටත් සිදු වුවහොත් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදි ඒ මහතා මේ බව පවසා ඇත.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
වැසි ලැබීම දිනෙන් දින ප්‍රමාද වුවහොත් මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනු ඇති බවත් ගිනි පැතිරී යාමද මේ දිනවල ඉතාමත් වේගවත් බැවින් ගිනි වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද පැවසිය.
ලගාවීමට ඉතාමත් දුෂ්කර කඳු හෙල් සහ කැළෑ ප්රදේශයන්ගේ ගිනි නිවීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, එසේම කැළෑ ගිනි ගැනීම වළක්වා ගැනීම සඳහා ගිනි පටි කැපීම සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහෙදී රජයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි.