කහතුඩුව නගරයේ රූපලාවන්‍යාගාරයක සහ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවෙකුට සහ හිමිකාරියක ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය
ඒ හේතුවෙන් ඊයේ 25 ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මෙන්ම කහතුඩුව නගරයේ වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පුද්ගලයන් 250 පමණ කහතුඩුව සති පොළ භූමියේදී පි සි ආර් පරීක්ෂණ සිදුකළ බව වෛද්‍ය වරයා කීය
කහතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ප්රචාරක රථය මගින් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව කහතුඩුව නගරයේ වෙළඳ ප්‍රජාව ඒ සඳහා දැඩි උනන්දුවක් දැක්වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය