කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය (රෙන් ෆොල් මිෂන් ) තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කාත්‍රිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බව විදුලි බල මණ්ඩලය පවසයි.
කෘත්‍රිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුල ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වනවිට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සඳහා ලබා ගත හැකි බවත් විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.
එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.