කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තෙත්බිම් කලාපයේ බලපත්රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි නව දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් අද (15) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා පොට්රි ඇළේ නොර්වුඩ් එල්බොඩ වත්ත ප්රදේශයේ ඇළ අසල විශාල වලවල් හාරා එම වලවල් තුළ තිබු මැණික් ඉල්ලම් ගොඩගෙන සැකකරුවන් පස් සහිත මැණික් ඉල්ලම් ඇළ මාර්ගයටම සොදමින් සිටි බවයි වැටලිම සිදු කළ නොර්වුඩ් පොලීසියේ නිලධාරින් කියා සිටියේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තවත් සැකකරුවන් පිරිසක් පළා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි වැටලිම සිදු කල නොර්වුඩ් පොලීසියේ නිලධාරින් කියා සිටියේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මැණික් ගැරිමට උපයෝගි කරගත් ජලය ඉසින මෝටරයක් , ගල් කැඩිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් , මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ කිහිපයක් සහ සැකකරුවන් විසින් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නොර්වුඩ් සහ බගවන්තලාව ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලීසිය පැවසිය.