බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර සහ පැල්මඩුල්ල ප්රදේශයන්වල පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.
කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගඟ දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බවයි වැටලිම සිදු කල බගවන්තලාව පොලීසියේ නිලධාරින් කියා සිටියේ.
බගවන්තලාව ප්රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්, මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සඳහා උපයෝගි කර විදුලි මොටරයක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.