කැස්බෑව ජබුරලිය ලූල් වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සිදුකළ පි සි ආර් පරීක්ෂණ පරීක්ෂණවලදී ඩෙල්ටා ආසාදිත රෝගීන් 5කු ඇතුළු 120 කුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉකුත් දින කීපය තුළ එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟම 19 දින කර්මාන්තශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනෙකු උදෙසා සිදුකරන ලද පි සි ආර් පරීක්ෂණ සිදුකල අතර තවත් සේවක සේවිකාවන් 20 කුගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත පරීක්ෂණ සඳහා යොමු කර තිබිණි.
පි සි ආර් පරීක්ෂණවලින් සේවක සේවිකාවන් 109 දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එයින් 11 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට අනාවරණය වී තිබිණි.
එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් 5 ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබූ හෝ ජේෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.
මේ හේතුවෙන් ඊයේ දින සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියන් දෙදෙනෙකු කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා එම කර්මාන්ත ශාලාව වෙත ගොස් පාලනාධිකාරියට මෙන්ම ආසාදිත සේවක සේවිකාවන්ට උපදෙස් ලබාදීමටද කටයුතු කෙරෙනි.
හැම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බව පාලනාධිකාරියෙන් අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ආසාදිත සේවක සේවිකාවන් එම කර්මාන්ත ශාලාව තුළම රඳවා නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ