තමා ආණ්ඩුව සමග එකතු වන බවටකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා,
"මේක මගේ වරප්‍රසාද පිළිබද ප්‍රශ්නයක්. අද උදේ මහින්දානන්ද අමාත්‍යාවරයා වැරදි ප්‍රකාශයක් කළා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. මම ආණ්ඩුවත් සහග එකතු වෙනවා බුලත් දීලා පිළිගන්න කියලා. එතුමාගෙන් පොහොර ප්‍රශ්නයක් ඇහුවම මාව මේකට ගාව ගන්න ඕනි නෑ. ඔබතුමා කළේ වැරදි ප්‍රකාශයක්.”