වර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 31 දින දඹුල්ලේදී පැවසීය.
දඹුල්ල සන්විධායක යු.ආර් .දයා නන්දසිරි මහතා සංවිධානය කළ ගොවි හමුවකට සහභාගි වී පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට රජය ලෝකෙම භාවිතා කරන එන්නත් භාවිතයට ක්‍රියාකරන නමුත් එන්න භාවිතා කරන ලෙස මුලින්ම දැනුම් දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව ද එවැනි ප්‍රකාශයක් කිරීමේ දී ආණ්ඩුව ඔහුට සිනාසුන බවද පැවසීය.
ආණ්ඩුව කියා සිටියේ කොවිඩ් වෛරය පාලනය කිරීමට හැකි බවද එහි පාලනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ රටේ ජනතාව දුක් විඳින බවද ඔහු පැවැසීය.