මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ ඉන් වැඩිම පිරිසක් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
ඉකුත් 22වනදා සිදුවූ කොරෝනා මරණ 43ක් ද ඊයේ දිනයේ වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
පසුගිය සතියේ කොවිඩ් ආසාදිතයින් පහළ මට්ටමක තිබුණද දැන් ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරේ.