කොවිඩ් -19 වෛරසය ආසාධිත මාතෘ මරණ 07ක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කර සිටියේ එම 07 වැනි මරණය ඊයේ දින කලුබෝවිල රෝහලින් වාර්තා වූ බවයි.
කෙසේවුවද කොවිඩ් -19 ආසාධිත මළ දරු උපතක් සිදුව ඇති බවට මේ වන තෙක් තම කාර්යාංශයට වාර්තා වී නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
නදීශානි පතිරණ/නිදර්ශනී වික්‍රමසිංහ