නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසුවේය.
අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යකවරයා පැවසුවේ කෝවිඩ් වසංගතයත් සමග ඩෙංගු වසංගතයත් පැතර ගියහොත් සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද දැඩි අසීරුතාවන්ට මුහුණ දීමේ අවධානමක් පවතින බවයි.
" මේ වර්ෂයේ අපිට පසුගිය මාසේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්ථාවුණා. පසුගිය මාස පහක කාලය තුළ ලංකාවෙන් වාර්තා ඩෙංගු රෝගීන් ගණන 7860ක්. ඉන් රෝගින් 859ක් මැයි මාසයේදීයි වාර්තා වුණේ.
ඉන් 1/3 ක් කොළඹින්. කෙළඹ ඩෙංගු ව්‍යාප්ත වී අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වීමට ඉඩක් පැවතීම තුළ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්විය හැකියි. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙලා ඩෙංගු රෝගය වලක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. කෝවිඩ් වසංගතයත් එක්ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කාර්ය බහුලයි.
මේ අවස්ථාවේ ඩෙංගු පැතිරුණොත් විශාල ගැටලුවකට සෞඛ්‍ය සේවකයින් වගේම ජනතාවත් මුහුණ දිය හැකියි. කෝවිඩ් හා ඩෙංගු යන වෛරස් රෝග දෙකේම රෝග ලක්ෂණ අතරට ඇග පත වේදනාව, හිස රදය, උණ ඇතුලත් වෙනවා. මේ නිසා ඉහත රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම සුදුසුකම් සහිත වෛද්‍ය වරයෙකු වෙත යොමුවෙන්න.
මේ වෙද්දී ලංකාවේ රෝහල් කීපයක් පමණයි කොරෝනා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා රජයේ රෝහලකට ප්‍රතිකාර ගන්න යන්න බිය විය යුතු නැහැ. අනෙක් සියලුම රෝහල් වලින් ඩෙංගු රෝගින්ට පමණක් නොව අනෙකුත් රෝග වලටත් ප්‍රතිකාර කරනවා. ඒ නිසා බය නැතිව ප්‍රතිකාර ගන්න පැමිනෙන්න." යැයි ඒ මහතා සදහන් කළේය. තවද සංචරණ සීමා පවතින කාල සීමාවේ තමන්ගේ ගෙවත්තේ ජලය රැස්වන ස්ථාන පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට සහය වන ලෙසද ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියේය.