කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදි , විවිධ හිරිහැර , කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (9) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සියලු දෙනා ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල පදිංචිකාන්තාවන් වූහ.
ඔවුන් අද දින උදෑසන 6.30 ට කුවේට් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්ර යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අතරින් මාස 05ක දරු ගැබක් හිමි ගර්භණි කාන්තාවක් සහ , පහරදීම් නිසා ආබාධිත තත්ත්වයේ පසුවන කාන්තාවක් ද මෙම පිරිස අතර සිටියහ .
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ
තම පැමිණිළි සටහන් කිරීමෙන් පසුව , ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ.