කුවේට් රාජ්‍යය වෙත රැකියා සඳහා ගොස් සිටියදී , විවිධ හිරිහැර, කරදර වලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57 ක් එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මොවුන් අතරින් 09 ක් පිරිමි වූ අතර , ඉතිරි 48 දෙනා කාන්තාවෝ වූහ.
මෙසේ ප්‍රශ්න වලට භාජනය වූ මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබා ගෙන සිටි අය වෙති. කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, ඔවුන්ට තම නිවෙස් කරා යෑමට දීමනාවක් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.
ටී.කේ.ජී කපිල