නොරොච්චෝල් පොලිස් බළ ප්රදේශයට අයත්,ආලංකුඩාව ධීවර තොටුපළටනාදුනන පිරිමි මළ සිරුරක්, අද(18) දින අලුයම, ගොඩ ගසා ඇතැයි නොරොච්චෝල පොලීසිය පවසයි.
තද නිල් පැහැ කොටු සහිත කමිසයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසුණු මෙම පුද්ගල සිරුරේ බද වටා දුඹුරු පැහැ හම් පටියක් ද වේ.
ඒ අනුව මෙම පුද්ගලයා ධීවරයෙකු නොවන බවත්,විදෙශිකයෙකු දැයි සැකසහිත බවත් පොලීසිය පවසයි.
දේහය දින පහක් පමණ මුහුදේ පවෙමින් තිබෙන්නට ඇති අතර,මුහුණ බෙහෙවින් නරක්වී ඇතැයි පොලීසිය පවසයි.