කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නීතිවිරෝධී මත්පැන් සමඟ එක් සැකකරුවෙකු ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි විශේෂ වැටලීම් ඒකකය හා ධර්මපුරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පුලියන්පොක්කනෙයි කැලෑවක පවත්වාගෙන ගිය අදාළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වැටලීම සිදු කොට ඇත.
අදාල වැටලීමේදී ගෝඩා බැරල් 4ක් කසිප්පු කෑන් 21ක් සමග නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග එම ස්ථානයේ සිටි වයස අවුරුදු 16ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද(12) දින කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.