අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්රික්කයේ හානිවු නිවාස පිළිබද හානි තක්සේරු කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බැව් ගාල්ල දිස්ත්රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
නිලධාරින් විසින් හානිවු නිවෙස්වලට ගොස් හානි තක්සේරු කිරිමේ කටයුතු ආරම්භ කොට ඇති අතර කඩිනමින් හානිවු නිවෙස් හිමියන් සදහා වන්දි මුදල් ලබාදිමට කටයුතු කරණ බවද ගාල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසයි.
මේ වනවිට හානිවු නිවාසවල නිවෙස් හිමියන් සදහා මුලික අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් දසදහසක මුදලක් ලබාදිමෙ කටයුතු ප්රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදුකරමින් පවතින බවද දිස්ත්රික් ලේකම්වරයා සදහන් කළේය.
වන්දි තක්සේරුකිරිමේ දි නිවාසවලට රුපියල් 25000ක හානියක් සිදුවි ඇත්නම් එය තමාගේ අනුමැතිය යටතේ ලබාදිමට කටයුතු කරණ බවත් රුපියල් 25000කට වඩා වැඩිහානියක් වි ඇත්නම් එම තොරතුරු කොළඹ යවා අනුමැතිය ලබාගෙන ගෙවිමට කටයුතු කරන බවද දිස්ත්රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශිය ලේකම් කොට්ඨාස 16ක ග්රාම නිලධාරිවසම් 84ක පවුල් 477 දෙනෙකු විපතට පත්ව ඇති බව පවසන දිස්ත්රික් ලේකම්වරයා එක් මරණයක් වාර්තා වි ඇති බවද පවසයි.
ගාල්ල දිස්ත්රික්කයේ නිවාස 153කට අර්ධවශයෙන් හානි වි ඇති අතර කුඩා හා මධ්යමපරිමාණ ස්ථාන 06කට හානිවි ඇති බවද දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.