රත්නපුර දිස්ත්‍රික්කයේ සමනළ කඳුවැටිය ආශ්‍රීත ප්‍රදේශවලට ඇදහැලූන තද වැසි සමග කලූ ගගේ ජලමට්ටම ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අඩි එකහමාරක් පමණ තිබු කලූ ගගේ ජල මට්ටම අද උදෑසන 08.00 පමණ වනවිට අඩි 06 දක්වා ඉහළ ගොස් තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.
කලූ ගගේ ජල මට්ටම අඩි හය දක්වා ඉහළ නැග්ගේ දින 21ට පමණ පසුවය. අගොස්තු 12දින සවස 06.00 වනවිට කලූ ගගේ ජල මට්ටම අඩි හයේ සිමාවේ පැවතුනි. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන් පසු කලූ ගගේ ජල මට්ටම ශීඝ්රලෙස පහළ ගොස් තිබුණි.
මේ අතර අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශවලත්, දෙහිඕවිට සහ දරුණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශවලත් නායයාමේ පළමු මට්ටමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරන බවයි. ඒ නිසා වැසි අධික අවස්ථාවල විමසිලිමත්ව සිටින ලෙස ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ අවසන් දිනය වූ දියකැපීමේ ගගේ පෙරහර හෙට (03) පැවැත්වීමට නියමිතය. සමන් දේවාලය අසල කොටාඹේ තොටුපළින් කලූ ගගට පිවිසෙන පෙරහර ගග දිගේ මල්වල පිහිටි රතඹලාඇල්ල තොටුපළ දක්වා ගොස් දිය කපා නැවත ගග දිගේ ආපසු පැමිණෙයි.
ඔරු පාරු භාවිතයෙන් පෙරහර ගග දිගේ ගමන් කරනු ලබයි. සාමාන්‍ය මට්ටමෙන් ගගේ වතුර තිබීම ගගේ පෙරහරට පිටිවහලකි.