පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙදි කේරල ගංජා කිලෝ 68ක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්ස් 36 ක් සමග සුඛෝපභෝගි වාහන දෙකක් හා සැකකරුවන් දෙදෙනෙකු (08) වන දින සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක සගවා තිබූ කේරළ ගංජා කිලෝ 68ට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ට ආසන්න ප්‍රමාණයක් බව පොලිසිය කියයි.
මෙම කේරල ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 140 කට ආසන්න බවත් අයිස් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමන වන බව පොලිසිය කියයි.
පුත්තලම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරක් මත අදාල වැටලීම සිදුකර තිබූ අතර, එහිදී මෙම මත් ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි.
අදාල මත් ද්‍රව්‍ය තොගය සමග සුඛෝපභෝගි ජිප් රථයක් හා මොටර් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාල කේරල ගංජා හා අයිස් මත් ද්‍රව්‍ය තොගය ලුණු ලේවායේ ගොඩනැගිල්ලක කබඩ් තුල සගවා තිබු බව පොලිස් නිළධාරින් පවසයි .
සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.