ඇගයුම්මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා මෙවර අයැදුම්පත් නිකුත් කළ පළමු දිනයේදී අයැදුම්පත් 4,998ක් ලැබී ඇතැයිවිදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඉන්වැඩිම අයදුම්පත් ප්‍රමාණය තංගල්ල විගමණික සම්පත් මධ්යස්ථානයෙන්නිකුත් කර තිබූ බවද එම කාර්යාංශය සඳහන් කරයි.
පසුගිය 26 වැනිදා ආරම්භ වූ අයැදුම්පත් නිකුත් කිරීමේ කටයුතුඅද(29දා) දිනයේදී අවසන් කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර අංශයන්හි රැකියා සඳහා අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, බදුල්ල, රත්නපුර, වවුනියාව, කළුතර, ගාල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගම්පහ, කොළඹ, මාතලේ, අම්පාර, පුත්තලම, මඩකලපුව, යාපනය යන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යස්ථාන 18කදී අයැදුම්පත් නිකුත් කරන බවද එම කාර්යංශය පවසයි.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයැදුම්පත් ලබාගැනීම සඳහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතු බවත්,වෙනත් පුද්ගලයෙකුට ඊට මැදිහත්විය නොහැකි බැවින් අතරමැදියන්ට මුදල් ලබාදීමෙන් වැළකිය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ පරිපාලනය යටතේකොරියාවේ රැකීරක්ෂාහා කම්කරු අමාත්‍යාංශය විසින් මෙම රැකියා ලබාදීම සිදුකරන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරයි.