රුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මීට පෙර ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ අතර මේ අනුව රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 06 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිත සිසුන් රෝහල් ගතකිරීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
සිරංගිකා ලොකුකරවිට