දෛනිකව කොරෝනා අසාදිත කුඩා ළමුන් 15 දෙනෙකු පමණ වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි . මේ වනවිට කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කර සිටියේය.
මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහළ තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් 70 දෙනෙකු සිටින බව අධ්යක්ෂ ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.