2013 වර්ෂයෙදි එ.ජා.ප පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර දි ඇතිවු ගැටුම සම්බන්ධ නඩුව (කුරුදු පොලූ නඩුව) අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවු අතර එහිදි අදාළ පාර්ශවයන් නොපැමිණිම හෙතුවෙන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතාරණ මහත්මිය නඩුව අගෝස්තු මස 5 වනදා තෙක් කල් තබන බවට නියෝග කළාය.
2013 වර්ෂයේ එජාප මන්ති‍්‍රවරුන් හා පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේදි මෙම ගැටුම ඇතිවු අතර පසුව මංගල සමරවිර සහ මෛති‍්‍ර ගුණරත්න යන අය නඩු ති‍්‍රත්වයක් මගින් උසාවිය හමුවේ පෙනි සිටිනු ලැබිය. එසේම පසුගිය ජුලි මාසයේ පැවති අවසාන නඩු විභායේදි මංගල සමරවිර පාර්ශවයෙන් මෙම නඩු සමතයකට පත්කිරිමට කැමැත්ත පළකල අතර මෛති‍්‍ර ගුණරත්න පාර්ශවයෙන් එයට මුලින් එකඟත්වය පළකොට පසුව එයට විරුද්ධත්වය පළකර තිබේ.
එයට හේතුව ලෙසින් ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දි තිබුනේ නඩු සියල්ල සමතයකට පත්කිරිමට එකඟඟත්වය පලකරන බවත් එහෙත් පොලීසිය ඒකපාර්ශිකව මංගල සමරවිර මහතා සිටින නඩු පමණක් සමතයකට පත් කිරිමට කටයුතු කිරිම අසාධාරණ බවත්ය. මේ නිසා තම පාර්ශවය සමතයකට පත්කිරිමට විරුද්ධ බවත් නීතිඥයන් මගින් අධිකරණය වෙත දන්වා තිබුණි.
එසේම මෙම නඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනෙක් වන මංගල සමරවිර අමාත්‍යවරයා සහ මෛති‍්‍ර ගුණරත්න ආණ්ඩුකාරවරයා අද (11) දිනයේ අධිකරණය හමුවේ පෙනි නොසිටියහ .