කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සදහා සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.
ඔහු සදහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි සියළු දෙනාට කොවිඩ් -19 මර්දන එන්නතෙහි පලමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
ලැබී ඇති සංඛ්‍යාලේඛන වලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් ලක්ෂ 11 ක් පමණ සිටින බවත් ඒ අනුව අදියරෙන් අදියර සියලු දෙනාට එන්නත ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය .
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෝලිම්වල අනවශ්‍ය තෙරපීම් හා පොරකෑම් අවම කිරීම සඳහා පැයකදි පුද්ගලයින් 100 කට එන්නත ලබා දීමට දේශපාලන අධිකාරිය හරහා දැනුම් දී ඇති බවයි.