කාබන් බද්දට විරෝධය දක්වමින් මාතලේ පාසල් බස් රථ රියදුරන් අද (26) වන දින මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක නිරත වුහ.
දුම් පරික්ෂාව සඳහා බද්දක් අයකර තිබියදී තවත් බද්දක් ගෙවිමට සිදුවිමෙන් පාසල් සිසුන් ප්රවාහන සේවයේ යෙදෙන බස් රථ ගැටලු රැසකට මුහුණ දෙන බවත් පෞද්ගලික පොදු ප්රවාහන සේවයේ යෙදෙන බස් රථ සඳහා ලබාදෙනු ලබන සහනය පවා අහිමිවිමෙන් පාසල් බස් රථ සේවයේ යෙදෙන්නන් එම කර්මාන්තයෙන් ඉවත්විමේ අවධානමක පවතින බැවින් පොදු ප්රවාහන සේවයට ලබාදෙන සහනය හෝ ලබාදි මෙම බස් රථ සේවය ආරක්ෂා කිරිමට රජයට බල කිරිම සඳහා මෙම විරෝධතාව සංවිධානය කල බව විරෝධතා කරුවන් සඳහන් කළේය.