කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් මධ්‍යම කඳුකරයේ අටවන මදු හා උගුල් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කඳුකර කොටියන්ට හානිදායක විය හැකි මද්දක්, උගුලක්, බඳින තුවක්කුවක් හෝ එවැනි ආකාරයේ කිසියම් වු ක්‍රියාකාරකමක් දුටු සැණින් වනජීවී දෙපාර්තුමේන්තු නිලධාරීන් දැනුවත් කරන ලෙසත්, එසේ ලබා දෙන සියළුම තොරතුරුවල රහස්‍ය භාවය සුරකින බවත් ඔවුන් පවසයි.
මෙවැනි තොරතුරු ජාතික යුතුකමක් ලෙස සලකා කඩිනමින් වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි දුරකතන ඇමැතුම් අංක 1992 ට ලබා දෙන ලෙසත් වනජීවී දෙපාර්තුමේන්තුව ඉල්ලයි.
මෙම වසරේ ගෙවී ගිය මාස කීපය තුළදී කඳුකර කොටියන් හය දෙනෙකු මදුවලට හසුව උඩරට කඳුකර ප්‍රදේශවලදී මිය ගොස් ඇති අතර, මෙරට ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද මරණයට පත්විය.
ශාන් හුලංනුගේ