වර්තමානය වන විට කාන්තාවන් විශාල වශයෙන් ලිංගික අතවරවලට ලක්වීම තමාට ගැටලුවක් බවත් සෑම පැයකට වරක්ම කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ලිංගික අතරවලට ලකවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අද (12දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
බෙන්තොටදී පැවති මාධ්‍ය හමුවකදී එසේ කී කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
“අද කාන්තාවකට පොලීසියකට වත් යන්න බැරිවෙලා තියෙන තත්ත්වයකුයි තියෙන්නේ. කාන්තාවන්ට අතවරකරන පොලීසියක් තමයි අද තියෙන්නේ. තමන්ගේ අම්මත් එක්ක යන දූට අතවර කරන පොලීසියකුයි අද තියෙන්නේ.
පොලීසියට කාන්තාවන්ට ගහන්න අයිතියක් නැහැ. උද්ඝෝෂනයට ගිය කාන්තාවක් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියෙකුට බැහැ. ඒ කාර්ය කළ හැක්කේ පොලිස් නිලධාරිනියකටයි. ජනතාවට තමන්ගේ ප්‍රශ්නවලට උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ. ජනාධිපතිතුමා මේ ගැන සොයා බලා ඒ සඳහා නිසි පියවර ගනී.
කාන්තාවන් අතවරයට නතර කිරීමට මම යෝජනා කරලා තියෙනවා පොදු මගී ප්‍රවාහන සේවාවලට සී .සී. ටී. වී. කැමරා පද්ධති සවි කරන්න කියලා. එතකොට මගී ප්‍රවාහන සේවාවල දිනකට සිද්ධවෙන කාන්තා අතවර නතර කරන්න හැකියාව ලැබේවි”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත