කාන්තාවන් මෙන්ම දුවාදරුවන්ද සුරක්ෂිත කිරීමටත් ඔවුනට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටක පසුබට නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටින බවද මේ රටේ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි කිරීමට තම පක්ෂය කිසිවිටක ඉඩනොදෙන බවද ඔහු පැවසීය.
ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට විරෝධය පළකරමින් උතුරු කොළඹ ඉඟුරුකඬේ හන්දියේ සිට අලූත්කඬේ හන්දිය දක්වා පැවැති ජනතා පාගමනට එක්වෙමින් ඔහු මේ බව පළකළේය.