ඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුවය.
මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 68.76 කි.
ශ්‍රී ලංකාව තුළ දුම්රිය සේවයේ ආරම්භයේ සිට, දුම්රිය මාර්ග සඳහා ප්‍රධාන වශයෙන් ලී සිල්පර භාවිත කර තිබේ.
මුල් අවස්ථාවේ සිල්පර වශයෙන් යොදා ගන්නා දැව ලෙස භාවිතා කර තිබුනේ ඉතා ශක්තිමත් මෙන්ම වටිනා දැවයක් වන පළු ලී ය.
එහෙත් දැනට රටේ පවතින දැඩි දැව හිගය හේතුවෙන් භට විකල්ප වශයෙන් කොන්ක්‍රීට් සිල්පර යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
දුම්රිය මාර්ග ඉදි කිරීමේ දී පවතින ලී සිල්පර හිඟය මඟහරවා ගැනීම සඳහාත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ ව්‍යාපෘතීන් සඳහා ඇති සිල්පර අවශ්‍යතාව සපුරාගැනීමට කොන්ක්‍රීට් සිල්පර වැඩි වශයෙන් යොදා ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.