කතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
දෙටගමුව, දෙවනපෙල, රජමාවත, ගලහිටිය, බෝගහපෑලැස්ස,ජුල්පල්ලම සාමිගුලිය, රණ්මිනිතැන්න ඇතුළු ගම්මාන එසේ ජලය නොලැබෙන ගම්මාන වේ.
මෙම ගම්මාන වෙත පානීය නල ජලය සපයනු ලබන්නේ කතරගම ජල සම්පාදන මණ්ඩලය විසිනි.
කතරගම නගර සීමාවට අඛණ්ඩව දිවා රාත්‍රියේ ජලය සැපයෙන බැවින් වන්දනා බැතිමතුන්ට ගැටලුවක් නැති වුවද, ගම්මාන රැසකට ජලය ලැබෙන්නේ මන්දගාමීව බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මැණික් ගඟ කතරගම නගරය මධ්‍යයෙන් ගලා බැස්සද මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් කතරගම ඇතුළු අවට ප්‍රදේශ වෙත ජලය සැපයීමට ප්‍රමාණවත් ජල සැපයුම් පද්ධතියක් සකස්කරදීමට අපොහොසත් වී ඇතැයිද ඔවුහු පවසති.