කඩවත ප්රදේශයේදී පොලිස් නිලධාරියෙකුට අද දින වෙඩි වැදීමක් සිදු වි ඇත.
ත්රීරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නවතන ලෙස දැනුම් දුන්න ද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් අදාල පොලිස් නිලධාරියා එය ලුහුබැද ඇත.
අනතුරුව ත්රී රෝද රථය නවතා එය පරීක්ෂා කිරීමට යාමේදී ත්රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයා සහ පොලිස් නිලධාරියා අතර ඇති වූ පොරබැදීමේදී පොලිස් නිලධාරියාගේ රාජකාරි ගිනි අවිය ගෙන ඔහුට වෙඩි තබා ඇති බව සඳහන් වේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.