පස් කැපිම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා මලෝවරු දෙදෙනෙකු කඩු ප්රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් පෝද්දල පොලීසිය පවසයි.
ඊයේ (02) පස්වරුවේ දි හපුගල හන්දිය අසලදි මෙකි ගැටුම ඇතිවි තිබේ. වෑන් රථයකින් පැමිණි හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් මෙම අයියා මලෝවරුන් දෙදෙනාට කඩුවලින් පහරදි තුවාල සිදුකොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
කඩු ප්රහාරයට ලක්ව කැපුම් තුවාල ලබා ඇත්තේ හපුගල රොස්වුඩ්වත්තේ පදිංචි තිස්හැවිරිදි හා තිස්පස් හැවිරිදි අයියා මලෝවරු දෙදෙනෙකි. මෙකි අයියා මලෝවරු දෙදෙනා පස් ප්රවාහනය කිරිම සදහා තහනම පැවති අවස්ථාවේ බලපත්ර ලබාගෙන පස්ප්රවාහනය සිදුකොට ඇත. පස් ප්රවාහනය කිරිමේ තහනම ඉවත් කිරිමත් සමග අනික් පාර්ශවයේ අයද පස්කපා ප්රවාහනය කිරිමට පටන්ගෙන ඇත.
ඊයේ නාවින්න පුවක්වත්ත ප්රදේශයේ මොවුන් පස් කණ්ඩියක් කපා ඇත. එහිදි අයියා මලෝවරු දෙදෙනා එම ස්ථානයට පැමිණ මොවුන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇත.
එම ආරවුල දුරදිගයාමෙන්පසු මොවුන් ඊයේ වෑන් රථයකින් ගොස් මෙකි අයියා මලෝවරු දෙදෙනාට කඩුවලින් පහරදි ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුවන් ප්රදේශයෙන් පළාගොස් ඇති අතර පොද්දල පොලීසිය පරික්ෂණ පවත්වයි.