ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කුඩු චීනා නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහතුනක් සමග මහනුවර රෝහල් පටුමගේ ගමන් කරමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයට හා හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමඟ අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් මත්කුඩු වල වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් සැකකරු මෙයට පෙරද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අයකු බවත් සැකකරුගේ සහෝදරයෙකු ද මේ වනවිට මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට ලක්ව සිරදඬුවම් විඳින අයකු බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවිම යටතේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමනුවර මහතා ඇතුළු කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ෂේන් සෙනෙවිරත්න