කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (01දා) සිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සදහා භාණ්ඩ ඇනවුම් කර පසුව ලබා ගැනීමේ ක්‍රමවේදයකට විවෘත කිරීමට පියවර ගන්නා බව ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්. එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අද සවස 2.00 කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ඒ අනුව 12/01 දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට DUFRY සහ FLEMINGO යන තීරු බදු රහිත සාප්පු දෙක විවෘතව පවතින අතර , එම මගීන්ට තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර ඒ සදහා මුදල් ගෙවීම ද සිදු කළ හැකිය.
ඉන්පසුව මෙම භාණ්ඩ භාර ගැනීම සදහා තම පවුලේ අයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු නම් කළ යුතු වන අතර , ඒ අනුව මෙම සාප්පු එසේ ඇනවුම් කළ භාණ්ඩ ඔවුන් වෙත ලබා දීම සිදු කිරීමට නියමිතය.
මෙම ක්‍රියාමාර්ගය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත සකස් කළ බව ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට ගුවන් තොටුපළ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියේය.