හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු අද දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
තලවකැලේ වටගොඩ ,ග්‍රේට්වෙස්ටර්න් , හොලිරුඩ් , හැටන් කොටගල ඩ්‍රෙටන් , ස්ටොනික්ලිප් සහ ක්‍රිස්වස්ෆාම් යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසල අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සහ පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුවයි කොවිඩ් 19 වෛරසය අසාදනය වු 6 දෙනා හමුවි ඇත්තේ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනාගේ ළගම ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරන බවත් ,කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරන බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
මේ අතර මස්කෙලිය සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවලට අයත් හැටන් පොලිස් බල ප්‍රදේශයේ පෝඩයිස් වතුයායෙන් සහ හැටන් දික්ඔය වනරාජා වත්තෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවන් දෙදෙනෙකුද (14) දින හමු වු බව බගවන්තලාව සහ මස්කෙලිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.