කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (18) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
අසාදිතයන් 11 දෙනාගෙන් අසාදිතයන් පස් දෙනෙකු කොටගල කොමර්ෂල් ප්‍රදේශයෙන්ද , කොටගල ඩෙරික් ක්ලෙයාර් වත්තෙන් සහ තලවකැලේ ලොගි යන වතු යායෙන් හමු වු බවත්, එම අසාදිතයන් අතර කොටගල කෙමිබ්‍රිජ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරියකද සිටින බවයි සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
අසාදිතයන් 11 දෙනාගෙන් බහුතර අසාදිතයන් කොටගල දමිල මහා විද්‍යාලයේ අසාදිත ගුරුවරුන් සහ සිසුන්ගේ ආශ්‍රිතයන් බවත්, ඔහුන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව 11 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 අසාදිතයන් 150 ආසන්න පිරිසක් වාර්තා වි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
කොටගල දමිල මහා විද්‍යාලයෙන් අසාදිත ගුරුවරුන් 10 දෙනෙකු සහ සිසු සිසුවියන් 09 දෙනෙකු මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඔහුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර එම අසාදිතයන් සියළු දෙනා දැනට සුව වි සිටින බවයි කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.