ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් හා අමිල සම්පත් නමැත්තන්ට මාලදිවයිනට යෑමට ගුවන් ටිකට්පත් සකස් කරදුන් පුද්ගලයන් සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසු මෙම දෙදෙනා මාලදිවයිනට යෑමට උත්සාහ කළ බවත්, එහෙත් කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා සිය භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සැකකරුවන් සිවුදෙනාම මෙරටට පිටුවහල් කර තිබූ බවත්, එහෙත් දෙදෙනෙකු යළිත් මාලදිවයිනට යෑමට ටිකට්පත් සකස් කරගෙන තිබූ බවත් හෙතෙම පවසා සිටියේය.