නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් හා කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් හා මෝටර් රථයට පිටුපසින් පැමිණි වෑන් රථයක්ද අනතුරට ලක්වීමෙන් අට දෙනෙක් තුවාල ලබා දී තිබේ.
මෙම තුවාල ලැබූවන් කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙක් මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් රියදුරු හා ඔහුගේ බිරිඳයි. ඔවුන් මහනුවර දළඳා මාළිගාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට මෙම අනතුරට මුහුණ දී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පස් දෙනෙක් ගමන් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.