කඳාන පොලිස් වසමේ දුම්රියපොළ අසලදි පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි අද දින (7) කොකේන් ග්රෑම් 90 මිලිග්රෑම් 798ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුහු අවු.25 හා 36 වයස් වල පසුවන ඊශ්රායල් හා ඉතාලි ජාතිකයින් වේ.
සංචාරක විසා ලබා ගනිමින් මෙරටට පැමිණ කොකේන් ජාවාරමේ නිරතව සිටි ඇති බවට කරුණු අනාවරණය වි ඇත.