රුපියල් කෝටියකට අධික කොකෙන් කිලෝ 1 ග්‍රෑම් 05ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම අද (08දා) පෙරවරුවේදී සිදුකර තිබේ.
34 හැවැරිදි ඉන්දීය ජාතිකයාගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක මෙම කොකෙන් තොගය තිබී ඇත. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලීසිය අපේක්ෂා කරයි.