මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළදැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙනමත්ද්රව්ය තොගඅද (01දා) මාධ්‍යයට විවෘතව විනාශ කිරීමට තමන් උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුම හරහා ඔහු මේ බව නිවේදනය කළේය. ඒ අනුව අධිකරණ ක්‍රියාවලිය අවසන් වී ඇති කොකේන් කිලෝග්‍රෑම් 765ක් අද දිනයේදී පුත්තලමේදී විනාශ කිරීමට නියමිතය.
මෙම කොකේන් තොගය පුත්තලමේදී ඉහළ උෂ්ණත්වයක් සහිත බඳුනකට දමා විනාශ කිරීමට නියමිතව තිබේ. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව තිබේ.