ශ්‍රී ලංකාවට විදේශ රටවලින් බෙහෙත් ආනයනය කරන සමාගමක ඖෂධ ගබඩාවකින් ප්‍රතිජීවක ඖෂධ තොගයක් සොරාගත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා අතරින් දෙදෙනෙක් අදාළ සමාගමේ සේවකයන් වන අතර එක් අයෙක් මෙම ඖෂධ මිලට ගෙන විකුණන යම් ඔසුසලකට සම්බන්ධ පුද්ගලයෙක් වෙයි.
සොරාගත් ඖෂධ තොගයේ ටිනාකම රුපියල් 748440ක් වන අතර එම ඖෂධ තොගය ජම්පටාවීදිය ෆාමසියක තිබී සොයාගෙන තිබේ.
සැකකරුවන් අද දිනයේදී කොළඹ ළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටහේන පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.