මේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
චීන එන්නත් භාර ගැනීමේ අවස්ථාවට කටුනායකදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
විශේෂයෙන්ම මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල දක්නට ලැබෙන බවත් ඔහු පැවැසීය. එසේම මේ වනවිට ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා එක් කෝටි තිස් අට ලක්ෂයක් (138,00,000) පරිත්‍යාග සහ මිළදී ගැනීම් යටතේ ලැබී ඇති බව ද පැවසීය .
එමෙන්ම මෙම සයිනොෆාම් එන්නත් මේ වනවිට මාත්‍රා එක් කෝටි හත් ලක්ෂයක් (107,00,000) ක් ලැබී ඇති බවත් , ඒ අතරින් 27 ලක්ෂයක් ම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ ඒවා බව ද සදහන් කළේය.
ලබන අගෝස්තු මාසයේ තවත් සයිනොෆාම් එන්නත් විශාල තොගයක් මෙරටට ලැබීමට නියමිත බවත් , ඒ අනුව මෙම අගෝස්තු 31 වනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී අවසන් කරන බව ද අමාත්‍යවරයා පැවසීය .