වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
මෙම ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු බවට හැඟී යන බවත් ,ප්‍රථමයෙන් එම භූමි භාගය වෙන්ක කර ගැනීමේ අවශ්‍යතාව ඇති බවත් ,අනතුරුව කැණීම් කටයුතු කර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් මහාචාර්යවරයා පැවසීය.
දිසාපතිවරයා යටතේ පවතින මෙම වනය අසල විශාල ගල් කොරියක් පවත්වාගෙන යන අතර ,එම ගල් කොරිය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමේ දී ,පුරාවිද්‍යා නිලධාරීන් ගේ නිරීක්ෂණයට මෙම ගල්ලෙන ලක්වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
පසුගිය දිනෙක මෙම ස්ථානය පුරාවිද්‍යා නිලධාරීන් සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරයාද ,මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකගේ නිරීක්ෂණයට ලක් විය.
ඒ අනුව ඊට යාබදව ඇති ගල් කොරියේ බෝර දැමීම තවකාලිකව අත්හිටුවා ඇත.
එම ස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීහු පවසා සිටියේ මෙම ගල්ලෙන තුල 70 80 දශකයේ වසර ගණනාවක් ප්‍රදේශයේ සිටි බුරම්පි සිංඤො නම් තනිකඩ පුද්ගලයකු වාසය කළ බවත් ,පසුව ඔහු එම ස්ථානයේම මියගිය බවත්ය.
ගල්ලෙන අසල ජලය තිබෙන නොගැඹුරු ළිඳක් ද තිබෙන අතර,පසුව තේ මුදුනේ සිට පහලට නිරතුරුවම ජල සීරාව අද හැලෙන බව ද දැකිය හැක.
පර්වත මුදුනේ පොකුණක් ඇතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන අතර ,මේ අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආසනයක් නොමැති ව එම භූමියට පිවිසීම තහනම් කර ඇත.
ප්‍රේමතිලක පෙරමුණ