ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතිනඒකල ලක්දිව ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට සමාන ආකාරයට නවීන පහසුකම් එක්කරමින් නව මාදිලියේ බස්රථයක් නිපදවා තිබේ.
සාමාන්‍ය බස් රථයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදලට වඩා සියයට තිහක අඩු පිරිවැයකින් මෙම බස් රථය නිෂ්පාදනය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය1987 වසරේදී භාවිත කළ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බඳෙහි නිල් පටියනව බස්රථයට යොදා තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩ ඒකකයක් ලෙස ආරම්භ වූ ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම අබිලි බස්රථ යොදා ගනිමින් නව බස්රථ නිපදවන, ලංගම සඳහා බස් බොඩි සකස් කරන සමාගමකි.
මෙහි මුල් යුගයේදී සේවකයන් 1,200ක් පමණ රැකියාවේ නිරතව සිටියද පසුකාලීනව ශ්‍රී ලංගමයේ කඩාවැටීමත් සමග ඒකල ඉංජිනේරු අංශය අභාවයට ගොස් තිබුණු බවත්,ලක්දිව ඉංජිනේරු සමාගමනමින් ඉංජිනේරු අංශය මෑත කාලීනව නැවත ස්ථාපිත කළ පසු 2019 වසර වනවිට මසකට බස්රථ 07ක් පමණ නිපදවූ බවත් ප්වාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී බස්රථ 07ක්ද, මාර්තු මාසයේදී මේ වනවිට බස්රථ14ක් නිපදවා තිබෙන බවත්, පෙබරවාරි මාසයේ සිට නිෂ්පාදනය සියයට සියයකින් වැඩි කිරීමට හැකිවී තිබෙන බවත්එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2018 වසරේදී මේ දක්වා එම සමාගම බස්රථ සංඛ්‍යාව 24ක් නිපදවා තිබෙන අතර,එක් බස්රථයකින් ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත්, ඒ අනුවඑම කාලසීමාවේදී සමාගම රුපියල් ලක්ෂ 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.